Food

ශ්‍රීලංකා අපට ආවෙණික කෑම වර්ග

1.Milk rice[කිරිබත්]


කිරිබත් යනු කිරි යොදා පිසන ලද බත්ය. මෙය සාමාන්‍යයෙන් උදෑසන ආහාර වේලට ගනු ලබයි. කිරිබත් විශේෂ අවස්ථාවලදීද  පිළියෙළ කරනු ලබයි.උදා -උපන්දින ,සිංහල හා දෙමල අලුත් අවුරුද්ද .........
මෙය සාමාන්‍යයෙන් ලුණුමිරිස් සමග ආහාරයට ගනු ලබයි.


පිළියෙළ කරගන්නා අයුරු-

Ingredients
හාල්(සුදු හෝ රතු ) 1kg
පොල් මිටිකිරි කෝප්ප 5
ලුණු ස්වල්පයක්


steps
 හාල් හොදින් සෝදා බත බෙරී නොවන ප්‍රමාණයට වතුර දමා ලිපේ තබන්න .වතුර සමපුර්ණයෙන්ම සිදී ගිය පසු පොල් මිටිකිරි (පොල් වලට වතුර දමා තරමක් උකු ලෙස මිරිකාගන්න කිරි )වලට ප්‍රමාණවත් තරමින් ලුණු දමා දිය කර වතුර සිදී ගිය බත් මුට්ටියට දමන්න. හැදි කූරෙන් බත් ඇට පොඩි නොවන සේ සීරුවෙන් අවුස්සමින් බත් මුට්ටිය පුර පොල් කිරි ගලා  යන සේ කලවම් කරන්න. ඉන්පසු මදගින්නේ හිදෙන්නට හරින්න .උණුවෙන්ම අවශ්‍ය ගණකමට අතුරා හැඩයට කපාගන්න.


Important  things

  • සුදු හෝ රතු කැකුළු සහල් මේ සදහා ගත යුතු වේ .සම්බා සහල් බාවිතා කල නොහැක .
  • පොල් මිටිකිරි ප්‍රමාණය අඩු වූ විට රසින් අඩු විය හැක .
  • පොල් කිරි වලට ලුණු තරමක් වැඩියෙන් දැමිය යුතුය
  • බතට රම්පෙ කැබැල්ලක් දැමු විට රසවත් සුවදක් නිකුත් වේ.
  • බත කිරි සමග තරමක් රෝස්  වීමට ඉඩ හැරි විටද මනා සුවදක් ලැබේ. 
  • කෙසෙල් කොලයක අතුරා ගතහොත් හා කෙසෙල් කොලයක් බාවිතා කර තුනී කල විට  රසද සුවදද වැඩිවේ. 
  • කිරිබත් තැටියක හෝ මේසයක අතුරන විට කිරිබත් හැඩයට අතුරන්නේ නම් වැඩි  කිරිබත් ප්‍රමාණයක් අපතේ නොයන සේ කපා ගත හැකි වේ



 


2.Oil cakes [කොණ්ඩ කැවුම් ] 




Konda Kavum 01.JPG
කැවුම් යනු ගැඹුරු තෙලේ බැද සාදන ශ්‍රීලංකාවට ආවේණික ආහාර වර්ගයකි. හාල්  පිටි සහ කිතුල් පැණි මේ සදහා ප්‍රදාන වශයෙන් යොදා ගනී. මේවා oil cakes ලෙසද හදුන්වයි. මේවා සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයේ විශේෂයෙන් ආහාරයට ගනී.

 varities


  • කොණ්ඩ කැවුම් 
  • නාරං   කැවුම් 
  • තල  කැවුම් 
  • උඳු කැවුම් 
  • මුං  කැවුම් 
කොණ්ඩ කැවුම්
කැවුම් අතරින් සුලබවම  දැකිය හැක්කේ කොණ්ඩ  කැවුම්ය. මේවා තද රතු පැහැතිය. කැවුමේ කොණ්ඩ  හැඩය අතින් සකසයි.
නාරං   කැවුම්
කහ පැහැයෙන් යුත් මේවා සැදීමට මුං ඇට පිටි හා ගාගත් පොල් හාල් පිටි හා කිතුල් පැණි සහිත කැවුම් මිශ්‍රණයට එකතු කරනු ලබයි. 
උඳු කැවුම් 
මේවා සැදීමට උඳු පරිප්පු භාවිතා කරයි. 





Comments